බොරදිය පොකුණ ලන්ඩනයේ

by Unknown  |  in Entertainment at  1:43 AM
සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ "බොරදිය පොකුණ" චිත්‍රපටය 16 වැනි සෙනසුරාදා සවස 5 ට ලන්ඩන් නුවර "හැරෝ සෆාරි" සිනමා ශාලාවේදී තිරගත කිරීමට නියමිතය.
ලන්ඩනයේ වෙසෙන කලාකාමී තරුණන් පිරිසකගේ මුලිකත්වයෙන් පිහිටුවා ඇති "අගොරා සංස්කෘතික කවය"  මෙම චිත්‍රපට දර්ශනය සංවිධානය කර ඇත.

මැතිව්ස් මාලිංග නායකත්වයට

by Unknown  |  in www.hotgozipp.com at  12:55 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාය‍මේ නායකත්වයට නැවතත් ඇන්ජලෝ මැතිව්ස් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14දා) නිවේදනය කළේය.
ඒ අනුව ඔහු ටෙස්ට් හා එක්දින කණ්ඩායම්හි නායකත්වය දරණු ඇත. මේ අතර පසුගිය වසරේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකත්වය පත්කළ ලසිත් මාලිංග තවදුරටත් ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත.
පාකිස්තාන කණ්ඩායම එළැඹෙන ජුනි මස ශ්‍රී ලංකාවේ සිදුකිරීමට නියමිත සංචාරයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන වසරේ සිදුකිරීමට නියමිත එංගලන්ත සංචාරය දක්වා ඇන්ජලෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරනු ඇත.

Proudly Powered by Blogger.